කුඩු ජාවාරම්කරුවන් කූඩු කරන්න ජනපතිගෙන් දැඩි නීති

Picture of අසංක

අසංක

අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු රජයේ රස පරීක්ෂකවරයාට යොමු කළ පසු කඩිනමින් විනාශ කිරීමට නීති සකස් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.

එමෙන්ම මත්කුඩු සම්බන්ධ නඩු වෙනම අධිකරණයක විභාග කළ යුතු බව ද හෙතෙම පෙන්වා දී ඇත්තේ ජනපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ය.

මත්කුඩු සම්බන්ධ නඩු සඳහා වසර 7-8ක් පමණ දැනට ගත වන බව බලධාරීන් පෙන්වා දීමෙන් පසුව මාස 3ක් තුළ එම නීතිමය ක්‍රියාමාර්ග අවසන් කිරීමටත් දඬුවම් ලබාදීමත් කළ යුතු බවට ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණ.

මෙම සාකච්ඡාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ප්‍රධානීන්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ආදී විෂයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

මෙහිදී ගන්නා ලද තීන්දු තීරණ සඳහා අවශ්‍ය කටයුතු සලසාලීමට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට හා අදාළ බලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේ ය.

දම්පත් රණසිංහ