පෑලියගොඩ මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන අංශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ බිරිද හෙරොයින් මත්කුඩු කිලෝ 3ක් සමග අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.
පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේ තිබූ ගෘහස්ථ ශබ්ද විකාශන යන්ත්‍රයක් තුළ තිබියදී මේවා සොයාගෙන ඇත.
මොහු මහාපරිමාණයෙන් හෙරොයින් මත්කුඩු බෙදාහැරීමේ නිරත පුද්ගලයකු බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රූකාන්ත පෙරේරා මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා මෝදර ප්‍රදේශයේ පදිංචි ‘මාළු සමන්ත’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමීපව ඇසුරු කළ අයකු බවට ද හදුනාගෙන තිබේ.
මාළු සමන්ත නමැත්තා පොලීසියේ ඉහළ නිලධාරීන් ඉතා සමීපව ඇසුරු කරන අයකු බවට ද හෙළිවී ඇතැයි පොලීසිය කියයි.
මාළු සමන්ත නමැත්තා විසින් පොලිස් ස්ථානාධිපතිවරයකු නිතර තම ජිප් රථයේ ඉදිරිපස අසුනේ හිදුවාගෙන ගමන් කරන අයකු බවට ද විමර්ශන නිලධාරීන්ට හෙළිවී තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මේ පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මකයි.