නවතම පුවත්

කුණාටුව අස්සේ ගිනීගත් නෞකාවෙන් වෙරළ තීරය අනතුරක!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* වහාම වෙරළ රකින පියවර ගන්න – ජනපති
* අල්ලන්නත් එපා කීවේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය නිසා
* ගොඩගැසූ බඩු ඉස්සූ අය සොයා විමර්ශන
* සුන්බුන් ආවොත් 1981ට කියන්න

දම්පත් රණසිංහ

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුරින් මුහුදේ නැංගුරම් ලා තිබියදී ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට හා වෙරළ තීරයට සිදුවන හානිය අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ඊට අදාළ සියලුම අංශවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) උපදෙස් දී තිබේ.

නෞකාව අවට මුහුදේ තෙල් පැතිරීමක් සිදුවුවහොත් පවතින කාලගුණ තත්ත්වයට මුහුණ දෙමින් එය අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමුකරන ලෙසද ජනාධිපතිවරයා එම ආයතනවලට දැනුම් දී ඇත.

බෙංගාල බොක්කේ වර්ධනය වන යාස් සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් පවතින කුණාටු සහ වැසි තත්වය හේතුවෙන් ගින්න නිවීම පාලනයකින් තොරර වී ඇත.

එසේම මෙවන් ආපදා තත්ත්වයන් කළමනාකරණ කර ගැනීමට ලොව අනෙකුත් රටවල් ගත් පියවර පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

මේ අතර ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටෙන භාණ්ඩ වෙරළට ගොඩගැසූ පසු රැගෙන ගිය පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ සම්බන්ධ වීඩියෝ දර්ශන ද ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මීගමුව, කොච්චිකඩේ, පමුණුගමුව, දුන්ගල්පිටිය පොලිස් වසම් ආශ්‍රිත වෙරළ තීරයට ජනතාව රැස්වී එම භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නිරෝධායන රීති කඩ කිරීම සහ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් එම පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කිරීමට නියමිතය.

නෞකාවේ ගින්න පාලනය කිරීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර ඉන්දියාවෙන් ද ඒ සදහා යාත්‍රා දෙකක් සහ ගුවන් යානයක් පැමිණ තිබේ.

නෞකාවෙන් මුහුදට වැටෙන කොටස් පාවී ඒමේ වැඩි ප්‍රවණතාවයක් ඇති දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන ප‍රිදි මේ වනවිට විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙලක් ද ක්‍රියාවට නංවා ඇත.

‍එමෙන්ම වැල්ලවත්ත සිට පානදුර දක්වා වෙරළ තීරයෙහි ද නාවික හමුදාව මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.

විවිධ රසායනික සංයෝග අඩංගු විය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත  නාවික හමුදාව දැනුම් දෙයි.

“එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ අපද්‍රව්‍ය යම්කිසි ප්‍රදේශයකට එක්රැස් වී ඇත්නම් ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මධ්‍යම පරිසර අධිකාරියේ  ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන්ට හෝ 1981 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට ඒ පිළිබඳව දැනුම් දිය හැකිය.

මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ නෞකා අනතුරු හේතුවෙන් එකතු වන අපද්‍රව්‍ය උපද්‍රවකාරී අපද්‍රව්‍ය ලෙස සැලකෙන අතර ඒවා මෙතෙක් නිශ්චිතව වෙන් වශයෙන් හඳුනාගෙන නොමැති බවය.

නැවේ පෙරේදා සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා වහා රෝහල්ගත කළ කාර්ය කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

සෙසු අයද බේරාගැනුණු අතර තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

රෝහල්ගත කිරීමෙන් අනනතුරුව කොවිඩ් -19 ආසාදනය වී ඇත්දැදයි පරීක්‍ෂණ සිදුකළ පසු මේ බව තහවුරු වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්