කුණුවලින් විදුලිය නිපදවන්න ඉතියෝපියාව ලෑස්තියි

Picture of අසංක

අසංක

කැළිකසලවලින් විදුලිය නිපදවන අප්‍රිකානු කලාපයේ ප්‍රථම බලාගාරය ඉදිකිරීමට ඉතියෝපියාව සමත්ව ඇත.

කැලිකසල අර්බුදයට නෙම විදුලි අර්බුදයටද එකවර විසදුම් ලබාදෙමින් ඉතියෝපියාවේ “කොශේ” කැළිකසල අංගනය මෙසේ විදුලි බලශක්තිය නිපදවන බලාගාරයක් බවට පරිවර්තනය කිරීමට ඉතියෝපියාව කටයුතු කර ඇත.

මෙම බලාගාරය මැදින් දිනකට කැලිකසල ටොන් 140ක් පමණ දහනය කෙරෙන අතර එය ඉතියෝපියානු අගනුවර තුල එකතුවන කැලිකසල ප්‍රමාණයෙන් සියයට අසුවකටත් වඩා වැඩි ප්‍රමාණයකි.

ජනතාවගෙන් සියයට තිහක ප්‍රමාණයකට මේ හරහා විදුලි බලය සැපයෙන බවද වාර්තාවේ.

මෙම නවීන තාක්ෂණික උපක්‍රම භාවිතා කර ගොඩනංවා ඇති මෙම බලාගාරය , අප්‍රිකානු කලාපයේ සෙසු රටවලටද අගනා ආදර්ශයක් වනු ඇති බව ඉතියෝපියානු බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත,

අප්‍රිකානු කලාපයට නව අත්දැකීමක් වුවද මෙවැනි බලාගාර ය්රෝපය තුල මේවනවිට වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතී. ප්‍රංශයේ පමණක් මෙවැනි බලාගාර 125කත අධික සංඛ්‍යාවක් ඇත.