කුමාර් ධර්මසේන අවසන් මහ තරගයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ ඉදිරි සියලු තරග ජයග්‍රහණය කළද ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ තවත් ඉදිරියට යාමට හැකි වන්නේ නැහැ. නමුත් එක් ශ්‍රී ලාංකිකයෙකුට පමණක් මෙවර අවසන් මහා තරඟයට සහභාගී වීමට ICC ය අවසර දී තිබෙනවා.

ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් ධර්මසේනට. ඒ විනිසුරුවරයෙක් ලෙසයි. ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවත් වීමත් සමඟ ඔහුට මෙම අවස්ථාව හිමි වුණා.

2018 වසරේ දක්ෂතම ක්‍රිකට් විනිසුරුවරයා ලෙසද කුමාර් ධර්මසේන ICC සම්මානයට පාත්‍ර වුණා.