ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය වෙනුවෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඉන් ඉවත්ව තිබේ.
ඒ බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා මාධ්‍ය වෙත නිල නිවේදනයක් කළේය.
ජනපති සටනට ඉදිරිපත් වීම සදහා කුමාර වෙල්ගම මහතා පසුගියදා ඇප මුදල් ද තැන්පත් කර තිබුණි.
ඊයේ රාත්‍රි තමාට ජනතපති සටනෙන් ඉවත් වන බවට කුමාර වෙල්ගම මහතා දැනුම් දුන් බවත් නිල වශයෙන් ඒම ඉවත් කර ගැනීමට තමන් පැමිණි බවත් නීතිඥවරයා වැඩිදුරටත් පැවැසීය.