“කුරහන් සාටකය නොඇන්ඳත් මා නියෝජනය කරන්නේද එහි ගැඹුරු අර්ථයමයි” – ජනපති පාර්ලිමේන්තුව අමතමින් කියයි

Picture of අසංක

අසංක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි 8 වැනි පාර්ලිමේන්තු සැසිවාරය ඇමතීම ආරම්භ වී තිබේ.

“මා කුරහන් සාටකය පළඳින්නේ නැතත් මා නියෝජනය කරන්නේද එහි ගැඹුරු අර්ථය ඇති පීඩිත පන්තියම බව මා කිව යුතුයි. එය මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සඳහන් වේ” යැයි ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කළේය.

නව පාර්ලිමේන්තු සැසිවාරයක් ඇරඹීම සිදුවන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

සාමාන්‍යයෙන් සිදුවන්නේ මෙවැනි අවස්ථාවකදී කථානායකවරයාගේ ආසනයට ඉහළින් රාජ්‍ය ලාංඡනය සහිත සුවිශේෂී අසුනක ය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් සෞභාග්‍යයේ දැක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ජනාධිපතිවරයා තවදුරටත් පාර්ලිමේන්තුව අමතමින් සිටියි.