එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී ධුරය පිරවීම සඳහා නීතිපති උපදෙස් ගැනීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබේ.
ඊට හේතුවී ඇත්තේ දෙදෙනෙකු විසින් එම මන්ත්රී ධුරය තමාට ලැබිය යුතු බව පවසමින් ඉදිරිපත් වීමයි.
ඒ ශාන්ත බණ්ඩාර හා ඩී.බී.හේරත් යන මහත්වරුන් ය.
එබැවින් ඉදිරියේදී රැස්වන මැතිවරණ කොමිසම විසින් මේ පිළිබඳ තීන්දුවක් ගන්නා බව එහි සභාපති මහින්ද දේශප්රිය මහතා පැවැසීය.
මන්ත්රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසුව හිස්වූ මන්ත්රී ධුරය පිරවීම වෙනුවෙන් ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයෙන් පසුගියදා ඉවත් විය.