මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වෙන පළගැටි විශේෂය මේ වන විට ව්‍යාප්ත වන්නේ ගෙවතු වගාවන් ආශ්‍රිතව බවත් එම පළගැටි විශේෂය මර්දනය කිරිම සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව ජනතාවට දන්වා සිටි.
එම පළගැටි විශේෂය බඩ ඉරිඟු , කෙසෙල්, පේර, අඹ වැනි සෑම බෝගයකම දක්නට ලැබෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ. දින දෙකත් තුනත් කාලයක් තුල සීග්‍රෙයන් ව්‍යාප්ත වූ බවයි. පිටෙහි කහ පැහැති ඉරි සහිත මෙවැනිම පළගැටියන් විශේෂයක් මීට පෙර ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින්ද වාර්තා වී තිබුණා. කෙසේවෙතත් එම පළගැටියන් සහ මෙම පළගැටියන්ගේ සම්බන්ධයක් ඇත්දැයි සොයා මේ වනවිට පරීක්ෂණයක්ද කි‍්‍රයාත්මකයි.
සේනා දළඹුවන් වගාවන්ට සිදුකළ හානියට වඩා මෙම පළගැටි විශේෂයෙන් වගාවන්ට වැඩි හානියක් සිදුවිය හැකි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි
මෙම පළගැටි වාර්තා වුවහොත් වහාම කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට දන්වන ලෙසද ජනතාවට දැනුම් දෙයි.