නවතම පුවත්

කුරුඳු සිගරට්ටුව ප්‍රචලිත කිරීම මහජන සෞඛ්‍යයට තර්ජනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

: ශ්‍රී ලංකාව තුළ කුරුඳු සිගරට් ප්‍රචලිත කිරීම ළමා හා තරුණ පරපුරට මෙන්ම පොදු මහජන සෞඛ්‍යයට ද දැඩි බලපෑම් එල්ල කරන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (adic) අවධාරණය කර සිටී .

නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටී

“ලොව පුරා සිගරට් සමාගම් දුම්බීමේ පුරුද්ද දිගින් දිගටම පවත්වාගෙන යාමට විවිධ උපායන් අනුගමනය කරන අතර නිකොටින් රහිත වෙනත් දුම්පාන වෙළඳපලට ඉදිරිපත් කිරීම ඉන් ප්‍රධාන එකකි. ශ්‍රී ලංකාව තුළ ද කුරුඳු සිගරට් හඳුන්වාදීම එවැනි උපායක් වන අතර එයට ප්‍රධානතම හේතුව දුම්බීම ශ්‍රී ලංකාව තුළ තුල සීග්‍රයෙන් අඩු වීමයි. කුරුඳු සිගරට් වලට මුවාවී රිසිසේ එම ප්‍රචාරක කටයුතු කරගෙන යාමට මග සලසා ගැනීම දුම්කොළ සමාගම් වලද ආශිර්වාදය සහිතව සිදු වන්නකි. සමාජයේ අප්‍රසාදයට හා පිළිකුලට භාජනය වී ඇති සිගරට් බීම සාමාන්‍යකරණය කර සමාජගත කිරීම මෙම ව්‍යාපාරවල සැඟවුණු අරමුණු විය හැකි බව අපගේ විශ්වාසයයි.

ආයුර්වේද නමින් ඉදිරිපත් කරන සියලුම දුම් පානයන්ගේ නිකොටින් රසායනය නොමැති වුවද අනෙකුත් සියලු හානිකර ද්‍රව්‍ය අඩංගු බවත් ඒ තුළින් ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්න ඇති වන බවත් සනාථ වී තිබේ. කුරුඳු සිගරට් වල ද තාර, කාබන් මොනොක්සයිඩ්, ඇරෝමැටික් ඇමයින් සහ තවත් පළමු කාණ්ඩයේ පිළිකා කාරක අඩංගු බව එවැනි දුම්වැටි නිපදවන රටවල කරන ලද විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. ආයුර්වේද දූම පානය තුළ සහතික ලත් වෛද්‍යවරයෙක් විසින් අදාළ රෝගියාට නිශ්චිත මාත්‍රාවකින් නියමිත කාල සීමාවක් සඳහා නියම කරනු නොලබන දූම පානයක් රෝගාබාධයක් නැති සාමාන්‍ය පුද්ගලයෙකු දිගින් දිගටම සිදු කිරීම කිසිසේත් අනුමත කර නැත.

කුරුඳු සිගරට් කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමට පෙර එම දුම්වැටි භාවිතය සෞඛ්‍යයට බලපාන අන්දම පිළිබඳ සායනික පර්යේෂණ ඉදිරිපත් කළ යුතු අතර, කුරුඳු සිගරට් ප්‍රචාරය කරන්නන් මේ වන තෙක් කුරුඳු සිගරට් සෞඛ්‍යයට හිතකර බවට එවැනි පර්යේෂණාත්මක තහවුරු කිරීම් ඉදිරිපත් කර නැත. මිනිසාගේ පෙනහළු සකස් වී ඇත්තේ පරිසරයේ ඇති සාමාන්‍ය වාතය ඇතුලට ගැනීමටය. එබැවින් ඕනෑම වර්ගයක දුමක් පෙනහැල්ලට ඇතුළු කිරීම ප්‍රබල සෞඛ්‍ය හානි ඇති කරන බව ඒ පිළිබඳ විශේෂඥයින් පෙන්වා දී තිබේ.

ලොව පුරා දුම්කොළ සමාගම් කංසා භාවිතය දුම්වැටි ආශ්‍රයෙන් ප්‍රචලිත කිරීමට දැනටමත් වැඩ කටයුතු කරගෙන යන අතර මේ වන විට ප්‍රබල දුම්කොළ සමාගම් වානිජ මට්ටමේ කංසා වගාවන්ගෙන් වැඩි කොටසක් මිලදී ගෙන ඇති අතර ඒවා ද ප්‍රචලිත කරමින් පවතින්නේ ඖෂධීය හෝ ආයුර්වේද යන වචන වැරදි ලෙස යොදා ගනිමිනි. හඳුන්වා දී ඇති කුරුඳු සිගරට්ටුවෙන් පසුව ගංජා සිගරට්ටුවක් ද මේ ආකාරයෙන් ම රට තුල ප්‍රචලිත කිරීමට බෙහෙවින්ම ඉඩකඩ තිබේ. එම නිසා තරුණ පරපුර සීඝ්‍රයෙන් දුම්බීමේ බොල් පුරුද්දට හසු නොවන මෙවන් වකවානුවක ආයුර්වේදයේ මුවාවෙන් එන මෙම උගුලෙන් රට බේරා ගැනීම සඳහා රජය ඇතුළු සියලු වගකිව යුතු පාර්ශවයන් ඉක්මනින් පියවර ගත යුතු බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කර සිටී.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්