කුලී ගෙවන තැන්වලින් රාජ්‍ය ආයතන ඉවත් කෙරේ

Picture of අසංක

අසංක

දැනට පුද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන සියලුම රාජ්‍ය ආයතන , වහා රජයට අයත් ගොඩනැගිලිවලට ගෙන යන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.

පුද්ගලික ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමෙන් රජයට විශාල අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බැවින් මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය සඳහන් කර සිටී.

මේ වනවිටත් අමාත්‍යාංශ කිහිපයක් හා ඒවායේ විවිධ අංශ මෙන්ම රාජ්‍ය ආයතන රැසක් පුද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන බවද අමාත්‍යංශය සඳහන් කර සිටී