නවතම පුවත්

කුලී නිවැසියන්ට “සුබ ආරංචියක්”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නිවසක් හෝ නිවසක් ඉදි කිරීමට ඉඩමක් හෝ නොමැති, කුළී පදනම මත ජීවත්වන පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත .

ඒ අනුව නිවසක් හෝ නිවසක් ඉදි කිරීම සඳහා ඉඩමක් හෝ නොමැති වීම හේතුවෙන් කුළී නිවාසවල ජීවත් වන, සැබෑ නිවාස අවශ්‍යතාවක් ඇති අඩු මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට දැරිය හැකි මිලකට ස්ථිර නිවාස ලබා දීමේ අරමුණින් “සොඳුරු මහල් නිවාස” නමින් නිවාස වැඩසටහනක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු යොදා ඇත ..

මෙම වැඩසටහන යටතේ තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට රුපියල් 500,000/- ක මූලික මුදලක් ගෙවීමට හැකියාව තිබිය යුතු අතර, නිවසේ වටිනාකමින් ඉතිරි කොටස වර්ෂයක් තුළ වාරික වශයෙන් අය කරනු ඇත.

අවශ්‍යතාව පරිදි බැංකු මඟින් ණය මුදලක් ලබා ගැනීමට ද තෝරගනු ලබන ප්‍රතිලාභීන්ට අවස්ථාව සලසා දෙනු ඇත.

ඒ අනුව, එකී නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, එම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු රන්පොකුණගම පිහිටි ඉඩම් කොටසක නිවාස 72ක් ඉදි කිරීමටත්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි