කුලේ මාලි සමු ගනී – ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන බලාපොරොත්තුවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශ පිල ලකුණු 122 ක දැවැන්ත පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලසිත් මාලිංගගේ සමුගැනීමේ තරගයේදී ලබා දුන් විජයග්‍රාහී සමුගැනීම පරිදිම වූ අමරණීය මතකයක් නුවන් කුලසේකරගේ සමු ගැනීම වෙනුවෙන් වෙන්වූ තරගයේදී ලබා දීමට අද (31 දා) සමත්වූහ. එම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් වශයෙන් ජය ගැනීමටද ශ්‍රී ලංකාව සමත්විය.