කුසල් පෙරේරා අත්අඩංගුවට ගැනීම ජනපති අණින් නවතියි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නිදහස් මාධ්‍යවේදියෙකු දේශපාලන විචාරකයකු සහ සමාජ ක්‍රියාකාරිකයකුවන කුසල් පෙරේරා මහතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ගත් උත්සාහය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නවතා දමා තිබේ. ඩේලි මිරර් පුවත්පතේ පළවු තිබු ලිපියකට අදාලව හිටපු ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කළ පැමිණිල්ලක් අනුව මෙසේ නිදහස් මාධ්‍යවේදී කුසල් පෙරේරා අත්අඩංගුවට ගැනීමට සුදානම්වී ඇත.

මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම පිටුපස ක්‍රිස්ත්‍රියානි පියතුමන්ලා සිටින බව කියැවෙන ලිපියක් තුළින් සංහිදියාවට බාධා එල්ලවුයේය යන්න නිදහස් මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතාට එල්ල වී තිබු පැමිණිල්ලයි. මෙම පැමිණිල්ලට අදාලව උසාවියට බී වාර්තාවක් මගින් කරුණු දැනුම්දීමෙන් පසුව සංවිධායක අපරාධ කොට්ඨාශය ඊයේ දින නිදහස් මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතාගෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට සුදානම් වී ඇත.

මේ බව සැලවු වහාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍යවේදි කුසල් පෙරේරා මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. අදාල තොරතුර ජනාධිපතිවරයා විසින් විමසනතුරු පොලිස්පතිවරයාද දැන සිට නැත. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම කුමන කරුණක් අරඹයා සිදුවන්නට ගියේද යන්න ගැන වහාම පරික්ෂණයක් පවත්වන්නැයි රහස් පොලිසියට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ’