නවතම පුවත්

කෙටි පණිවුඩයක් හෙළිවීම නිසා ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

අසංක

අසංක

ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ‘කුහකයෙකු සහ බොරුකාරයෙකු’ ලෙස හැඳින්වූ කෙටි පණිවුඩ එළිදරව් වීමකින් පසුව එරට නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අද උදෑසන පැවති කෙටි මාධ්‍ය සාකච්ඡාවකදී බානබි පැවසුවේ අගමැතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි.

එහෙත් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ABC හි ඉරිදා උදෑසන අභ්‍යන්තර වැඩසටහනකට පෙනී සිටීමෙන් ඉවත් වී ඇත.

බානබි යැවූ කෙටි පණවිඩුය Sydney Morning Herald සහ The Age පුවත් වෙත අනාවරණය වී ඇති අතර තමා කී දෙයෙහි අදහස් පදනම් වී ඇත්තේ පසුපෙළේ සිටියදී “උපකල්පන සහ විවේචන” මත බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“අග්‍රාමාත්‍යවරයා ගැන පසුපෙළ සිට මගේ දැක්ම පදනම් වූයේ වැඩ කරද්දී ඇතිවූ සබඳතාවට වඩා සාමාන්‍ය දැනුමේ උපකල්පනය මත ය, ”ඔහු පැවසීය.

“එහෙත් කරට-කර වැඩ කරන විට ඔහු මා සමඟ ඇති කර ගත් සෑම ගිවිසුමකටම ගරු කළ, දේශපාලනිකව දෙපැත්තේ සිටියද ඔහු අනෙක් අය සමඟ ඇති කර ගත් සෑම ගිවිසුමකටම ගරු කරන මිනිසෙක් මට හමු විය.” යැයි ද බානබි පවසා තිබේ.

බානබි කියා සිටියේ තමාට මොරිසන් අගමැතිවරයාගෙන් සමාව අයැදීමට අවශ්‍ය බව පැවසූ බවය. ඔහු පැවසුවේ “මම සටහන් කර තිබූ එම වැකිය කිසිවිටක ලියා නොතිබිය යුතුව තිබූ එකක්” බවයි.

‘මම කිසිවිටකත් මෙම කෙටි පණිවුඩය ඉදිරියට යවනු ඇතැයි අපේක්ෂා නොකළ අතර, මා හැර අන් කිසිවකුට දොස් නොකියමි, නමුත් එය ප්‍රසිද්ධියට පත්වනු ඇතැයි මම කිසි විටෙකත් බලාපොරොත්තු නොවූයෙමි,’ ඔහු පැවසීය.

“නමුත් මම එය ලියා නොතිබුණා නම් එය මෙලෙස අවසන් නොවනු ඇත. එහෙයින් වරද මාගේය” බානබි තැවෙයි.

කෙටි පණිවිඩය ප්‍රසිද්ධියට පත් විය හැකි බව දැනගත් විගස ඔහු අගමැති ඇමතූ බව ජොයිස් බානබි පැවසීය.

ඔහු සහ අගමැතිවරයා අතර ඇති විය හැකි අමනාපයක් නිවා දැමීමට ඔහු උත්සාහ කළ නමුත්, අග්‍රාමාත්‍යවරයාගේ චරිතය පිළිබඳ නියෝජ්‍ය අගමැතිවරයාගේ දැඩි තක්සේරුව අනුව මොවුන් දෙදෙනා එකට වැඩ කරන්නේ කෙසේද යන්න දැන් විවෘත ප්‍රශ්නයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්