කෙනඩි පවුලේ අභිරහස් මරණ වැලට තවත් එකක්

Picture of අසංක

අසංක


ඇමෙරිකාවේ කෙනඩි පවුලේ අභිරහස් මරණ වැලට තවක් පුරුකක් එක්කරමින් එම පවුලේ තවත් දියණියක්‌ වන සඕස්‌ කෙනඩි හිල්ද හදිසියේ මියගොස්‌ ඇත.

මියයන විට ඇය 22 වැනි වියෙහි පසුවූ අතර මරණයට හේතුව ඖෂධ අධි මාත්‍රාවකින් භාවිත කිරීම බව දානයට හෙළිවී තිබේ.

ඇය ඝාතනයට ලක්‌වූ ජනාධිපති අපේක්‍ෂක රොබට්‌ එෆ්. කෙනඩිගේ මිණිබිරියයි. එනම් රොබට්‌ හා ඊතල් කෙනඩි යුවළගේ පස්‌වන දරුවා වන කර්ට්‌තිගේ දියණියයි.

කෙනඩි පවුලේ සාමාජිකයන් අබිරහස්‌ ලෙස අකාලයේ මියයැම පසුගිය දශක කීපය පුරා දක්‌නට විය ,

ඝාතනයට ලක්‌වූ ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ සොහොයුරා වූ රොබට්‌ කෙනඩි ජනාධිපතිවරණයට සූදානමින් සිටියදී 1968 දී ඝාතනය කෙරිණි.

මේ අතර ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ පුත්‍රයා ද සැහැල්ලු ගුවන් යානයක්‌ පදවමින් සිටියදී අනතුරකින් මියගියේය.