නවතම පුවත්

කේරළ ගංජා කිලෝ 200 කට වැඩි තොගයක් අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ ඊයේ (18) සිදු කළ විශේෂ මෙහෙයුමකදී  කිලෝග්‍රෑම් 200 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානය හා මන්නාරම පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදි මුහුදු මගින් ඕලුතුඩුවායි වෙරළට ගෙනවිත් බෙදා හැරීම‍ට සූදානම් කරමින් තිබූ පොලිතීන් කවර 10 ක් තුළ පාර්සල් 94 ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 200 ග්‍රෑම් 825 ක තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

තවද, කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ අතර, ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා නාවික හමුදාව සහ පොලීසිය විසින් මේ වන විට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු කරනු ලබයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්