නවතම පුවත්

කොටස් වෙළඳපොළ නැගිටී , විදෙස් ආයෝජකයෝ සක්‍රීයවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ කොටස් වෙළෙඳපොළමිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් අද (27) දිනයේ දී වාර්තා විය.

එහිදී පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 272.74 කින් හෙවත් 2.48% කින් හා S&P SL20 දර්ශකය ඒකක 106.39 කින් හෙවත් 3.36% කින් ඉහළ යන ලදී.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,257.82 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,273.76 ක් ලෙසත් සටහන් වී තිබුණි.

මූලික වශයෙන් අද දින මෙලෙස කොටස් වෙළෙඳපොළ ඉහළ කාර්යසාධනයක් වාර්තා කිරීම සඳහා බැංකු සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම කැපීපෙනුනි. එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දී තිබුණි.

අද දින රු. බිලියන 3.36 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.50 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.19 ක් ලෙසින් එහිදී වාර්තා විය.

මෙහිදී කැපීපෙනුනු තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ රු. මිලියන 858 ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වී තිබීමයි. අද දින විදේශීය විකිණුම් රු. මිලියන 162 ක් ලෙසින් සටහන් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්