නවතම පුවත්

කොතලාවල පනත පරාජය කරනවා – සජිත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රජය හිතුවක්කාර ලෙස විශ්ව විද්‍යාල පනත සංශෝදනය කර හෝ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීමට උත්සාහ කරන්නේ නම් එම උත්සාහය පරාජය කිරීමට අධිෂ්ඨානශීලීව පරාජය කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඒ සඳහා විද්වත් මහා සංඝරත්නය, විශ්ව විද්‍යාල ප්‍රජාව, සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂ සහ මෙරට සමස්ථ ජනතාව ඒකරාශී කර ගන්නා බවයි. යෝජිත පනත මගින් මෙරට නිදහස් අධ්‍යාපන ව්‍යූහයට සහ එහි පැවැත්මට මරු පහරක් එල්ල කරන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

එබැවින් ජනාධිපතිවරයාට මෙම යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත වහාම හකුලා ගන්නා ලෙසද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් දක්වා තිබෙනවා. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය 1981 වර්ෂයේ සිට මෙරට කැඩෙට් නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් හා උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වනවා.

එමෙන්ම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මෙරට ආරක්ෂක අංශ සඳහා වඩාත් නවීන හා විද්‍යානූකූල පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවද අනුමත කරන අතර ඒ සඳහා උපරිම සහය ලබා දෙන බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්