නවතම පුවත්

කොත්තමල්ලිවලට රසායන මුසුකරන ජාවාරමක් හසුවෙයි

අසංක

අසංක

තත්ත්වයෙන් බාල කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර නැවත සැකසුම් කිරීමේ ජාවාරමක් යුද හමුදා බුද්ධි අංශය විසින් හෙළිකරගෙන තිබේ.

ඒ බව යුද හමුදා බුද්ධි අංශය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් දැනුවත්කර ඇත. ඒ අනුව විශේෂ කාර්ය බලකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් මෙම ජාවාරම සිදුවන ස්ථානයක් ඊයේ වටලා ඇත.

කල්මුණේ පරණ මුහුදු වෙළ පාරේ ස්ථානයක පවත්වාගෙන ගිය මෙම ස්ථානය වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ගේද සහය ලබාගැනීමට විශේෂ කාර්ය බලකාය පියවර ගෙන ඇත.

ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය (සල්පර් පවුඩර්) මීශ්‍රකර නැවත ඇසුරුම් කර අලෙවි කිරීම සඳහා වෙළද පොලට නිකුත්කරනු ලබන්නේ මෙම ස්ථානයෙන් බව එහිදී හෙළිවී ඇත.

සල්පර් මිශ්‍ර කල කොත්තමල්ලි කිලෝ 2,125ක්ද, සල්පර් මිශ්‍ර කිරීමට සූදානම්කර තිබුණු කොත්තමල්ලි කිලෝ 82,750ක්ද, සල්පර් පවුඩර් කිලෝ 225ක්ද මෙහි තිබී සොයාගෙන ඇත.

කල්මුණයිකුඩි 08 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ අමිපාර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි සාලිය බණ්ඩාර නවරත්න මහතා ඇතුඵ කණ්ඩායම වෙත භාර දුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අසෝක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ආර්.ඩබ්.වී.එස්. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ අමිපාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව මෙම වැටලීමකර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්