කොන්ත්‍රාත්තුව ඉවර වූ කොරියාවේ ලාංකිකයන්ට සහනයක්

Picture of අසංක

අසංක

කොන්ත්‍රාත් කාලය අවසන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා තාවකාලිකව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා ලබාදීමට කොරියානු රජය තීරණය කර ඇත.

ඒ අනුව කොන්ත්‍රාත් කාලය අවසන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යලි මෙරටට එවීම තාවකාලිකව අත්හිටුවා ඔවුන්ට සහන කාලයක් ලබාදෙමින් මෙසේ රැකියාවක් කිරීමටද අවස්තාවක් සැලසීමට කොරියානු බලධාරීන් පියවර ගෙන ඇත.

මාස 3 සිට 6 දක්වා කාල සීමාවකට යටත්ව අදාළ රැකියා හිමිවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටී