නවතම පුවත්

ඉන්දු – ලංකා අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරන්න වැඩසටහන් මාලාවක්

අසංක

අසංක

ඓතිහාසික ඉන්දියා – ශ්‍රී ලංකා අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරලීම සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත.

ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සමග අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කිරීමටද කොමසාරිස් කාර්යාලය පියවර යොදා ඇත.

මේ යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපය වෙත ගොස් ද්විපාර්ශ්වික අධ්‍යාපන සහයෝගීතාවයට අදාළ කරුණු සාකච්ඡා කිරීමට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ තාක්ෂණික සහයෝගීතා අංශයේ පළමු ලේකම් ආචාර්ය සුෂිල් කුමාර් මහතා පසුගියදා කටයුතු කළේය.

ශ්‍රී පාලි විද්‍යාලයේ විදුහල්පති එම්.ඩී. ජයසිරි මහතා සහ අනෙකුත් ගුරුවරුන් සමඟ පැවති මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවය ඉන්දියා – ශ්‍රී ලංකා පදනම (ISLF) යටතේ ශිෂ්‍ය හුවමාරු චාරිකා සඳහා පහසුකම් සැලසීම සහ ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩසටහන (ITEC) යටතේ විද්‍යාලයේ ගුරුවරුන් සඳහා ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දීම පිළිබඳව අවධානය යොමුව ඇත

ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතා සහ ප්‍රසාංගික කලා පීඨයේ සහ ජනමාධ්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී මණ්ඩලයේ කුසලතා වර්ධනය පිළිබඳ සාකච්ඡා කෙරිණ.

ගුරුදේව් රවීන්ද්‍රනාත් තාගෝර් සහ විල්මොට් ඒ. පෙරේරා මහතා අතර පැවති ඓතිහාසික සම්බන්ධතාවය සිහිපත් කරමින් දෙපාර්ශ්වයම අධ්‍යාපනය, කලාව සහ සංස්කෘතිය යන අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීමට තීරණය කරන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්