නවතම පුවත්

කොන්දේසි සහිතව 21ට සහය දීමට ස.ජ.බ සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විසි එක් වන සංශෝධනය ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කෙටුම්පතේ ඇති ඇතැම් කරුණු පිළිබඳ එකඟතාවයක් නොමැති බව සමගි ජන බලවේගය ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ අජිත් පී පෙරේරා මහතා කොළඹදී අද (30) ප්‍රකාශ කළේය.

රජය සමඟ තිබූ සාකච්ඡාවේදී මෙහි තිබෙන අඩුපාඩු පෙන්වා දුන් බවත් එහි අඩුපාඩු සකස් කරන්නේ නම් පාර්ලිමේන්තුවේදී 21 වන සංශෝධනයට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවත් පෙරේරා මහතා පැවසීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරීමට නොහැකි යන්න මෙම කෙටුම්පතට ඇතුළත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරයකින් අවස්ථාව ලබා දිය යුතුය යන්න සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ සමගි ජන බලවේගයේ ස්ථාවරය මෙම රජය ඉදිරියට ගෙන යාවි යන පදනම මත එයට සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඔහු එහිදී කීවේය.

අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කෙටුම්පත මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොවන දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඇතුළත් කරුණු පවා අඩුවෙන් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම සංශෝධන වලට යටත්ව සමගි ජන බලවේගය විසි එක් වෙනි සංශෝධනයට සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඔහු තවදුරටත් කීවේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්