කොමිසමේ නියෝගය නීතිපති ඉවතලයි

Picture of අසංක

අසංක

දේශපාලන පලි ගැනීම් පිලිබඳ සොයාබැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසම නියෝගය පරිදි තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව තාවකාලිකව අත්හිටුවිය නො හැකි බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා දන්වා තිබේ.

කොමිස නියෝග කර තිබුණේ තරුණයන් එකොළොස් දෙනලොස් දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව ඩී කේ පී දසනායක මහතා සහ වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වූ නඩුව කොමිසමේ විමර්ශන සිදුකරන තෙක් තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

එහෙත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා දන්වා තිබුණේ අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් නියෝග දීමේ කිසිදු නෛතික අයිතියක් පරීක්ෂණ කොමිෂන් සභාවකට නොමැති බවය.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවට මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.