නවතම පුවත්

කොරෝනාවට එරෙහිව ජපානයේ ‘අවිගන්’ සාර්ථකයි

අසංක

අසංක

ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan ) නම් ඖෂධය , කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත.

මෙම ඖෂධය චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවත් , ඒ අනුව මෙම ඖෂධය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රජයේ සහය ලැබෙන බවත් චීන ජෛව තාක්ෂණික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සාන්ග් ශින්මින් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් මතුවන නිව්මෝනියා තත්වයන්ට මෙම ඖශධය හරහා ප්‍රතිකර්ම සැලසෙන බවත් , එහිදී කිසිදු අතුරු අබාධයක් ඇතිවූ බවක් මෙතෙක් වාර්තාවී නොමැති බවත් ශින්මින් මහතා මෙහිදී සඳහන් කර ඇත.

චීනයේ වුහාන් හා ශේන්සෙන් නගරවල රෝගීන් 300 කට අධික පිරිසක් යොදාගනිමින් මෙම ඖෂධය තවදුරටත් පරික්ෂා කල බවත් එම ඖෂධය ලබාදුන් රෝගීන් සියලුදෙනාම පාහේ දින හතරක් වැනි කාලයක් ඇතුලත සුව අතට හැරුණු බවත් ශින්මින් මහතා මෙහිදී අනාවරණය කර ඇත.

මෙම ඖෂධය ලබාදුන් පසුව රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ හා පෙනහළු වල තට්ව්හයද වේගයෙන් යහපත් අතට හැරෙන බව එක්ස් – රේ ජයාරූප හරහාද තහවුරුවී ඇති බව චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව චේන මේ වනවිට මෙම ඖෂධය වානිජ්‍ය වශයෙන් තම රට තුලද නිපදවීම සඳහා ජපාන සමාගමෙන් අවසර ලබාගෙන ඇති අතර , ඉදිරියේදී මහා පරිමාණයෙන් ,මෙම අවිගන් (avigan ) නම් ඖෂධය චීනය තුලද නිපදවීමට එරට සමාගම් රැසක් පියවර ගෙන ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්