කොරෝනාවට එරෙහි ලොව පළමු එන්නතට අනුමැතිය – ජනපති දියණියටත් විදලා

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට තම රට සමත්වූ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා අද දින නිල වශයෙන ප්‍රකාශයට පත්කර ඇත.

මොස්කව් Gamaleya පර්යේෂණ ආයතනය විසින් නිෂ්පාදනය කළ මෙම කොරෝනා එන්නත රුසියාව තුළ අද දිනයේදී ලියාපදිංචි කර ඇති බවද රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

නිෂ්පාදනය කරන ලද එම එන්නත ලබාදුන් පිරිස අතර තම දියණියද සිටින බව රුසියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.