නවතම පුවත්

සංවර්ධනයත් සුරක්ෂිත රටත් තහවුරු කරන බවට වැඩ බාර ගනිමින් අගමැතිගෙන් පොරොන්දුවක්

අසංක

අසංක

ජනතා ප්‍රශ්න තවත් මැතිවරණයක පොරොන්දු බවට පත්වීමට ඉඩ නොතබා විසදීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හා මා ඇතුලු රජය ඉදිරි කාලය තුළ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද පෙරවරුවේ අගමැති ධුරයේ වැඩබාර ගනිමින් හෙතෙම මේ බව පැවැසීය.

“එතෙක් මෙතෙක් මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වන පන් ලක්ෂ විසිහත් දහස් තුන්සිය හැට හතරක (527364) මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙමින් 2020 මහ මැතිවරණයේදී මා පිළිබඳව තැබූ විශ්වාසය මගේ ආදරණිය කුරුණෑගල ජනතාව ප්‍රථමයෙන් මාගේ කෘතවේදීත්වය පළ කරමි.

ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ 2020 මහ මැතිවරණය, මාගේ පනස් වසරක දේශපාලන ජිවිතයේ මා ඉදිරිපත් වූ මහ මැතිවරණයයි. 2015 මහ මැතිවරණයේ දී මා කෙරෙහි තැබූ විශ්වාසය මෙවර 2020 මහ මැතිවරණයෙදී වඩාත් ශක්තිමත් ලෙස තහවුරු කර ඇති බව කෘතවේදීව සිහිපත් කරමි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණපාමින් සිටින ප්‍රශ්න කෙරෙහි අපි පසුගිය දිනවල අවධානය යොමු කළෙමු.එකී ප්‍රශ්න තවත් මැතිවරණයක පොරොන්දු බවට පත් වීමට ඉඩ නොතබා විසදීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හා මා ඇතුලු රජය ඉදිරි කාලය තුළ කටයුතු කරමු.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරමින් මේ රට සංවර්ධනය කිරීමටත් ,සුරක්ෂිත කිරීමටත් කටයුතු කරන බව වගකීමෙන් ප්‍රකාශ කරමි.සංවර්ධන ක්‍රියාදාමයට පක්ෂ පාට බේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ සියලු දෙනාගේම දායකත්වය අපි අපේක්ෂා කරමු.”

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි