නවතම පුවත්

කොරෝනාවට තවත් එන්නත් 2ක් සාර්ථක වන ලකුණු

අසංක

අසංක

 

කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස යොදාගත හැකි තවත් එන්නත් දෙකක් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරමින් ඇති බව වාර්තාවේ .

මෙම එන්නත් දෙක නිෂ්පාදනය කර ඇත්තේ, චීන හමුදා පර්යේෂණ ඒකකය, ජර්මනිය, අමෙරිකාව සහ චීන සමාගමක් එක්වය.

මෙම එන්නත් තුළින් මිනිසුන් තුළ ප්‍රතිදේහ නිපදවීම ඉතා යහපත් සලකුණක් බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙති.

කෙසේවෙතත් මෙම කිසිදු එන්නතකට, කොවිඩ් නයින්ටීන් වෛරසය මර්දනය කර ලොව බිලියන ගණනක ජනතාව රැකගත හැකි වේදැයි යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැත.

මේ අතර පසුගිය සති අන්තයේදී කොරෝනා වෛරසය හඳුනාගෙන ඊට එරෙහිව සටන් කළ හැකි අයුරින් ප්‍රතිශත්කිකරණ පද්ධතිය පුහුණු කළ හැකි එන්නතක් ද ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමක් නිෂ්පාදනය කළහ.
එම එන්නත යොදාගෙන පරීක්ෂණයට ලක්කළ පුද්ගලයන් 1077 දෙනාගේ සිරුරු තුළ කොරෝනා වෛරසයට එරෙහිව සටන්කළ හැකි ප්‍රතිදේහ සහ ටී සෛල නිපදවූණු බව ද පර්යේෂකයින් පෙන්වා දුන්හ්……..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්