කොරෝනාවට මුවා වෙලා ආණ්ඩුව ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා – එජාපය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර
කොරෝනා වසංගතයට මුවාවි ආණ්ඩුව අද ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රටේ පරිපාලන හා රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින නීති පද්ධති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කොරෝනා පැතිරවීමට කටයුතු කිරීම නිසා ඉදිරි මාස කිහිපය තුළ රට බරපතල ඛේදවාචකයට තල්ලු විය හැකි බවයි එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පෙන්වා දුන්නේ.