නවතම පුවත්

කොරෝනාවෙන් පසු එන සංචාරකයන් වෙනුවෙන් App එකක්

අසංක

අසංක

කොවිඩ්-19 පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් (app) හදුන්වා දීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන ඇත
මෙම පරිගණක යෙදවුම නිර්මානය කිරීම සදහා සංචාරක සංවර්ධන අධිකාරියට ප්‍රතිපාදන ලබා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන වන අතර එය නිර්මානය කර ඇත්තේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසිනි.

කොවිඩ් වසංගතය තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා විවෘත කිරීමේදී ඔවුන් මෙරටට ගොඩ බැසීමට පෙර සිටම ඔවුන් පිළිබද සියළු තොරතුරු ලබා ගැනීම මෙම නව පරිගණක යෙදවුම හදුන්වා දීමේ අරමුණ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය .

දිවයිනට පැමිණෙන සංචාරකයන් සම්බන්ධ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා මෙන්ම ඔවුන් සංචාරය කරනු ලබන ප්‍රදේශ, ලැගුම්ගන්නා ස්ථාන හා අදාල කාල වකවානු පිළිබද දත්ත ලබා ගැනීම මෙමගින් කටයුතු කෙරේ.

මෙරටට පැමිණෙන සංචාරකයෙකුට වීසා අනුමැතිය ලබා දෙන අවස්ථාවේදී මෙම පරිගණක යෙදවුමට ඔහු හෝ ඇය සම්බන්ධ කර ගැනෙනු ඇත. එම සංචාරකයන්ට මෙරටට පැමිණීමට අනුමැතිය ලබා දෙන විටම ඔවුන් පිළිබදව සියළු තොරතුරු මෙරට සියලුම දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය බළධාරීන් ඇතුළු අදාල අංශ වෙත ලබා දීමටද නියමිතයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්