කොවිඩ් 19 වෛරසයේ හේතුවෙන් මියගිය ඉන්දියානුවන් අතර වෛද්‍යවරුන් 382 ක් සිටින බවත් ඉන් බහුතරයක් කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර සිදු කිරීමේ නිරතව සිටි වෛද්‍යවරුන් වන බවත් එරට නවතම මාධ්‍ය වාර්තාවක් අනාවරණය කර ඇත.
මීට අමතරව එම කටයුතුවල නිරතව සිටි සෞඛ්‍ය ක්ෂේත්රයේ තවත් සේවකයන් රැසක්ම මියගොස් තිබෙන බවත් ඒ අනුව එරට සෞඛ්‍ය ක්ෂේත්රය තුල මේ වනවිට දැඩි අර්බුදකාරී තත්වයක් මතුව ඇති බවත් එමම්මාධ්ය වාර්තා පෙන්වාදෙ .
මේ වනවිට කොවිඩ් වෛරසය හේතුවෙන් වැඩිම සෞඛ්‍ය සේවකයන් පිරිසක් මියගොස් ඇති රට වන්නේද ඉන්දියාවය.
මෙම තත්වය හමුවේ ඉන්දීය සෞඛ්‍ය සේවකයන් දැඩි ජීවිත අවදානමකට මුහුණ දී සිටින අතර ඉන්දීය රජය සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බවටද චෝදනා එල්ල වී තිබෙ.