කොරෝනාවේ නව ප්‍රභේදය මෙරටටත් ඇතුළුවීමේ අවදානමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යයෙන් හමුවූ  නව වෛරස් ප්‍රභේදය මෙරටටද  ඇතුළුවීමේ අවදානමක් ඇති බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටී .

මේ වනවිට ආසියානු රටවලින්ද මෙම වෛරස ප්‍රභේදය හමුවී ඇති බැවින් ඉදිරියේදී අප මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කල යුතු බවද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත පැවසීය

එංගලන්ත නව වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවදානමක්..

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .

” මේ වනවිට අලුතෙන් එංගලන්තයෙන් හමුවෙන රෝගීන්ගෙන් 60% කට පමණ අලුත් වෛරස් ප්‍රභේදය නිසා තමයි හමුවෙලා තියෙන්නේ. අපිත් ලොකු තර්ජනයකට ලක් වෙලා ඉන්නවා නව වෛරස් ප්‍රභේදය අපේ රටට තුළත් එන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි කියන එක තමයි පැහැදිලි වෙන්නේ. දැන් අද වෙනකොට යුරෝපීය රටවලින් බැහැරට ගිහිල්ලා ආසියාතික රටවල් පවා මේ නව වෛරස් ප්‍රභේදය පැමිණෙමින් තිබෙනවා කියන එක සිංගප්පූරුව වගේ රටවල්වලින් රෝගීන් හමුවීම තුළින් පැහැදිලි වෙනවා”