නවතම පුවත්

කොරෝනා අරමුදල බිලියනය පන්නයි

අසංක

අසංක

COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය අද රුපියල් බිලියනය ඉක්මවා තිබේ.

COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් මිලියන 50ක් පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළ චෙක්පත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා විසින් අද (15) ජනාධිපති කාර්යාලයේ දී මා වෙත භාර දෙනු ලැබිණ.

මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඊට එක්ව සිටියහ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය අරමුදලට රුපියල් මිලියන 50 ක් ප්‍රදානය කළේය.

ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීහු ඊට එක්ව සිටියහ.

Naturub Industries පෞද්ගලික ආයතනය රුපියල් මිලියන 10ක්, මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමය රුපියල් ලක්ෂ 03 ක් සහ ටිසිල් කුරේ මහතා රුපියල් ලක්ෂයක්, හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංගමය රුපියල් මිලියනයක්, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ රුපියල් මිලියනයක්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය රුපියල් මිලියන 02ක්, Bharti Airtel Lanka පෞද්ගලික සමාගම රුපියල් මිලියන 1.2ක් , Certis Lanka Security Solution පෞද්ගලික සමාගම රුපියල් මිලියනයක්, රිචඩ් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියනයක්, එස්.ඒ. සමරතුංග මහතා රුපියල් පනස්දහසක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

මේ අනුව  අද පස්වරු වන විට COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවීීය.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක ‪85737373‬ දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක ‪011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට පිළිවන.‬

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්