නවතම පුවත්

කොරෝනා අවම කරන්න දකුණු අප්‍රිකාවේ මත් පැන් අලෙවිය තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දකුණු අපි‍්‍රකාවේ මත්පැන් අලෙවිය යළි තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇත.

මත්පැන් පානය හරහා ජනාතාවගේ ප්‍රතිශක්තිකරණය අවමවීම ඇතුළු සෞඛ්‍ය ගැටළු ඇතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව
, එරට ජනාධිපති සිරිල් රම්පෝසා දකුණු අප්‍රිකානු මාධ්‍ය වෙත පැහැදිලි කර ඇත,

එසේම මත්පැන් පානයෙන් පසු හටගන්නා පුද්ගල ගැටුම් අවම කිරීම, ගෘහස්ත හිංසනය අවම කිරීම හා සති අන්ත මත්පැන් සාද නැවැත්වීම යන අරමුණුද මේ හරහා සාක්ෂාත් කරගත හැකි වනු ඇති බව රමපොසා මහතා මෙහිදී සඳහන් කර ඇත.

දකුණු අප්‍රිකාව තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භවූ අවස්ථාවේ එරට රජය පළමු වරට මෙසේ මත්පැන් තහනමක් පැනවූ අතර එය මාස තුනක කාලයක් බලපවත්විනි

එම තහනම ඉවත්කර සති කිහිපයක් ගතවීමටත් පෙර යලි එම තහනම ක්‍රියාත්මක කිරීමට දකුණු අප්‍රිකානු රජය මෙසේ පියවර ගැනීම විශේශත්වයක් බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත

පළමු වරට මත්පැන් තහනම පනවා තිබූ කාල සීමාවේදී නව්‍ය කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාවීම් ඉතා අවම මට්ටමක පැවති බවට වෛද්‍යවරුන් ප‍්‍රකාශ කිරීම හේතුවෙන් දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබෙන බවද එරට මාධ්‍ය සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්