කොරෝනා ආසාදනය 90%කින් අවම කරන එන්නතක් එයි

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදනය වීම සීයයට 90 කින් අවම කරනු ලබන එන්නතක් නිපදවීම සඳහා Pfizer Inc. සහ BioNTech යන ඖෂධ නිෂ්පාදන සමාගම් දෙක සමත්ව ඇත.

ඒ අනුව එම එන්නතේ තුන්වන අදියරේ සායනික පරීක්ෂාවන්ද සාර්ථකවූ බව එම සමාගම් විසින් නිවේදනය කර ඇත.

රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත මෙම එන්නත අත්හදා බලා ඇති අතර එහිදී කිසිදු ගැටලුවක් පැන නැගී නැත.

ඒ අනුව මෙම මාසය අවසානය වන විට, එන්නත භාවිතය සඳහා හදිසි අනුමැතියකට අයදුම් කිරීමට අදාළ සමාගම් සැලසුම් කර ඇත.

මෙම වසර අවසානය වනවිට එන්නතින් මාත්‍රා මිලියන 50ක් සැපයීමට හැකිවනු ඇති අතර වසර 2021 අවසානය වනවිට මාත්‍රා බිලියන 1.3ක් පමණ සැපයිය හැකි බවට විශ්වාසය Pfizer සමාගම පළ කර ඇත.

එක්සත් රාජධානිය දැනටමත් මෙම එන්නතෙන් මාත්‍රා මිලියන 30ක් ඇනවුම් කර ඇත.