නවතම පුවත්

මෙරට ජනතාවගෙන් 20%කට කොරෝනා එන්නත දෙන්න WHO එකඟයි

අසංක

අසංක

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් සඳහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එකඟතාව පළ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී .

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම එන්නත ලබාදීම සඳහා වන කරුණු සෙවීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කමිටුවක් පත් කර ඇති බවය.

ඒ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරීම, ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය, තොරතුරු ලබාගැනීම, කරුණු ගොනු කිරීම වැනි කාරණා එම කමිටුව හරහා සිදු වනු ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඩ්-19 වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඊට අදාළ එන්නත භාවිත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදීය.

මේ සඳහා ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්