කොරෝනා ආසාදිතයින් ගැවසුණු ස්ථාන ගැන ප්‍රසිද්ධ කෙරේ

Picture of අසංක

අසංක

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වු පුද්ගලයින් ගැවසුනු ස්ථාන ප්‍රසිද්ධ කිරීමට දකුණු කොරියාව පියවර ගෙන ඇත.

වෛරසය ආසාධනය වූ පිරිස් සමග සබඳතා පැවැත්වූ පිරිස් සිටීනම් ඔවුන්ට ඒ පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමට හැකිවීම මෙහි අපේක්ෂාවවේ.

නව කොරෝනා වෛරසය ආසාධනයවී ඇති බවට මේ වනවිටත් තහවුරු වී ඇති දකුණු කොරියානුවන් සංඛ්‍යාව 29 ක් වන අතර එම 29 දෙනාගේම ජංගම දුරකථන තොරතුරු, හරපත් වාර්තා සහ ඔවුන් ගැවසුනු ස්ථාන සටහන් වී ඇති සී සී ටී වී දත්ත මෙන්ම ඔවුන්ගේ පොදු ප්‍රවාහන සේවා කාඞ්පත් ලබාගෙන ඒවායේ ඇතුළත් කරුණු මගින් එම පුද්ගලයින් ගැවුසුනු ස්ථාන පිළිබඳ තොරතුරු රැස්කර ගැනීමට කොරියානු බලධාරීන් පියවර ගෙන ඇත.

අනතුරුව එම ස්ථාන පිළිබඳ එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට නියමිතය.