නවතම පුවත්

මහ ඡන්දෙට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තීන්දුයි

අසංක

අසංක

ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් තරග කිරීමට තීරණය කර ඇත.

එහි නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කර ඇති අතර එහි සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම සඳහා වන අයදුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසන් සභාව වෙත අද (17) ඉදිරිපත් කර ඇත.

නව සන්ධානයේ සෙසු නිලතලයන් මෙසේය.

  • පක්ෂයේ ලේකම් – බැසිල් රාජපක්ෂ
  • පක්ෂයේ නියෝජ්‍ය සභාපති – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
  • පක්ෂයේ නියෝජ්‍ය ලේකම් – අමාත්‍ය මහින්ද අමරවීර
  • පක්ෂයේ ජාතික සංවිධායකවරුන් ලෙස – අමාත්‍ය දයාසිරි ජයසේකර හා විමල් වීරවංශ
  • පක්ෂයේ උපලේකම් – උදය ගම්මන්පිල
  • පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස – තිස්ස විතාරණ, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා ඩිව්. ගුණසේකර

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10ක් පොහොට්ටුව ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා නව සන්ධානයෙන් තරග වැදීමට නියමිත බව සඳහන් ය.

ජාතික නිදහස් පෙරමුණ , පිවිතුරු හෙළ උරුමය , මහජන එක්සත් පෙරමුණ , ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ , ලංකා සම සමාජ පක්ෂය , ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය , නව ප්‍රජාතන්ත්‍රවදී ජනතා පක්ෂය යන පක්‍ෂද ඒ අතර වේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්