නවතම පුවත්

කොරෝනා ආසාධිතයන් වීඩියෝ කර පෙන්වීම තහනම්!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රෝගීන්ගේ පෞද්ගලිකත්වය රකින්න
• මාධ්‍යවේදීන් තම ආරක්ෂාව ගැන හිතන්න
• ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඉල්ලයි

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලමින් ආරක්ෂක අමාත්‍යාංශය සියලු මාධ්‍ය ආයතනවලට යොමු කර තිබෙන ලිපියට අනුව රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ගේ නිවාස පරීක්ෂා කරන විට ඔවුන්ගේ දර්ශන රූගත කිරීමෙන් වළකින ලෙස මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ඉල්ලා ඇත.
අදාල නිවේදනයේ පෙන්වා දී ඇති පරිදි පසුගිය කාලයේදී ඇතැම් රූපවාහිනී නාලිකාවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් විසින් කොරෝනා ආසාදිතයින් සොයා ගැනීම හා ඔවුන්ට සෞඛ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන අයුරු ප්‍රවෘත්ති විකාශන, වෙනත් ප්‍රවෘත්ති ආශ්‍රිත වැඩසටහන් මගින් හා පුවත්පත්වල විශේෂාංග ලිපි මගින් ප්‍රචාරයන් ලබා දී තිබේ.කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍යවේදීන් විසින් ඉටුකරන විශිෂ්ට කාර්යභාරය අගය කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම තුලින් ඔවුන් සෞඛ්‍ය පරීක්ෂණයන් සඳහා ඉදිරිපත් වීම දිරිමත් කරනු ඇති බවයි.මාධ්‍ය මගින් මෙවැනි සිදුවීම් ආවරණය කිරීම තුලින් රාජකාරියේ යෙදී සිටින සෞඛ්‍ය නිලධාරීන්ද අපහසුතාවයට පත් වන බව අමාත්‍යාංශයේ අදහසයි.
එබැවින්, කොරෝනා වෛරස් ආසාදිත බවට සැක සහිත පුද්ගලයින් සොයා ගැනීමේදී සෞඛ්‍ය නිලධාරීන් සමඟ එක්ව එම ස්ථාන වලට යාමෙන් හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබන රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන මෙන්ම මාධ්‍යවේදීන්ගේද සෞඛ්‍යආරක්ෂක හේතූන් සැලකිල්ලට ගෙන එවැනි දර්ශන වීඩියෝ ගත කිරීමෙන් වළකින ලෙස අදාළ මාධ්‍යවේදීන් දැනුවත් කරන මෙන් ආරක්ෂක ලේකම් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.අදාල ඉල්ලීම අනුව ක්‍රියාත්මක නොවන්නේ නම් ඉදිරියේදී මෙම රෝගීන්ගේ දර්ශන ලබා ගැනීමේ ක්‍රියාවලිය තහනම් කිරීමේ නෛතික රාමු සකස් කරනු ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්