කොවිඩ් මරණවල අඩුවක්! ආසාධිතයින් ගණනද පහළට .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අඛණ්ඩව 04 වන දිනටත් මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්දහසේ සීමාව දක්වා අඩු වී ඇත .

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3333ක්.වන තර   මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවද ඊයේ දිනයේදී  අඩු වී තිබෙ.

ඉකුත් දින කිහිපයේදී මෙරටින් දෛනික කොරෝනා මරණ 200 සීමාව ඉක්මවා වාර්තා වුවද ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූයේ කොරෝනා මරණ 145ක් පමනි

එම මරණ ඉකුත් 3වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ අතර . ඉන් 117 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්.වේ.

වයස අවුරුදු 30 ත් 59ත් අතර පුද්ගලයින් 24 දෙනෙකුද ඊයේ තහවුරු කළ කොරෝනා මරණ අතර වේ.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් සිවුදෙනෙකුද වන බවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.ය