. , බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රමුඛ වික්ටෝරියා ප්‍රාන්තය යළි අගුලු දමා ඇත .
එම නව වෛරස් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් 13 දෙනෙකු මෙල්බර්න් නුවර හෝටලයකින් හඳුනාගැනීමත් සමග ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙම තීරණය ගෙන ඇත .
. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබන බදාදා වන තෙක් දින 05 ක කාලයක් වික්ටෝරියා ප්‍රාන්තය අගුලු දැමීමට ලක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත ..