නවතම පුවත්

මත්පැන් , දුම්වැටිවලට ඇබ්බැහිවූවන්ට කොවිඩ් එන්නතේ ප්‍රතිඵල අවමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබාදීම  මුදල් හා සම්පත් අපතේ යැවීමක් බවත්  දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අවධාරණය කර සිටී .

මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් එන්නතෙන් ලබාගත හැකි ප්‍රතිඵල අඩු මට්ටමක පවතින බවත් එම අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ අද (12) පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, එන්නත ලබා ගැනීමෙන් අවම වශයෙන් මාස 6ක් යනතුරු හෝ මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකී සිටිය යුතු බවයි.

කොවිඩ් – 19 ශ්වසන පද්ධතියට බලපෑම් කරන රෝගී තත්ත්වයක් බැවින් දුම්පානයට ඇබ්බැහිවූවන් කොවිඩ් – 19 රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පවතින බව ද සඳහන්  වන , අතර , මත්පැන් පානය හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තිය බරපතල ලෙස හීන වන බවද සොයාගෙන ඇත .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්