නවතම පුවත්

කොරෝනා එන්නතට මේ දෙසැම්බරය තීරණාත්මකයි

අසංක

අසංක

කොරෝනාවට එරෙහිව නිපදවා ඇති එන්නත් කිහිපයක්ම ඉදිරි දෙසතිය  තුල ලොව පුරා  රටවල් රැසක් තම ජනතාව වෙත  ලබාදීමට සැලසුම් කර ඇති බැවින්  මෙම දෙසැම්බරය , කොරෝනාව පාලනය කිරීමේ ක්‍රියාවලියට අදාලව අතිශය තීරණාත්මක වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අවධාරණය කර සිටී .

කොරෝනා එන්නත තම ජනතාවට ලබාදීමේ ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටිනුයේ බ්‍රිතාන්‍යය වන අතර ,ෆයිසර් – බයෝ එන් ටෙක් සමාගම් නිපදවූ  කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍ය රජය මේ වනවිට  අනුමැතිය ලබා දී  අවසන්ය .. මෙම  ලද එන්නතට මුලින්ම අනුමැතිය දුන් රට ලෙසද  බ්‍රිතාන්‍ය දැක්වෙයි. 

මෙම අනුමැතිය  සමඟ එළඹෙන සතියේ සිට කොවිඩ් 19 ආසාදිතයින්ට බ්‍රිතාන්‍ය එම එන්නත ලබා දීමට පියවර ගනු ඇති අතර මේ වන විටත් මිලියන 40ක  එන්නත්  මාත්‍රා බ්‍රිතාන්‍ය විසින් ඇනවුම් කර තිබෙ.

එසේම මේ වනවිට ඇමරිකානු බලධාරීන්ද කොරෝනා එන්නත තම ජනතාව වෙත ලබාදීමට අදාළ අවසන් සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇති අතර ලබන 10 දින ඊට අදාළ අවසන් සාකච්ජා පැවැත්වීමට නියමිතය . එම සාකච්ජා සාර්ථක වුවහොත් ලබන 11 දින සිට කොරෝනා එන්නත එරට තුල  බෙදාහැරීම ආරම්භ කිරීමට , ෆයිසර් – බයෝ එන් ටෙක් සමාගම සූදානම්ව සිටී .

මීට අමතරව රුසියාව විසින් නිපදවා ඇති ස්පුට්නික් V  කොරෝනා එන්නතද මේ වනවිට ජගත් සංවිධානය වෙතද  ඉදිරිපත් කිරීමට එරට බලධාරීන් කටයුතු යොදා ඇති අතර ඉන්දියාව එම  එන්නත් මාත්‍රා මිලියන 100කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට දැනටමත්  එකඟතාව පළ කර ඇත.

ජර්මනිය , ඔස්ට්‍රියාව හා ඉතාලියද මේ වනවිට ඇමෙරිකාවේ නිෂ්පාදිත  කොරෝනා එන්නත මෙම මස අග සිට තම ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති අතර මෙම රටවල් තුනම මේ වනවිට එන්නත ලබාදිමට අදාළ  ය ප්‍රමුඛතා ලැයිස්තු සකසමින් සිටී .

කෙසේ වෙතත් එම කොවිඩ් එන්නතේම  මාත්‍රා මිලියන 300ක් මිලදී ගැනීමට යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් මහත්මිය කටයුතු සැලසුම් කර ඇති අතර එන්නත  අලෙවිය සඳහා ඉදිරිපත් කල විගස  සමස්ත යුරෝපය පුරා එය  බෙදාහැරීමටද ඇය දැනටමත් කටයුතු සූදානම් කර අවසන්ය 

චීනයද දැනටමත් තම කොරෝනා එන්නත ජනතාව වෙත ලබාදීමේ කටයුතු ආරම්භ කරමින් ඇති අතර එම  මෙම මාසය අවසාන වනවිට අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමටද එරට සැලසුම් කර ඇත .

මේ අනුව මෙම මස ඇතුළත ලොව ප්‍රබල හා ධනවත් රටවල් රාශියක් , කොරෝනාවට එරෙහි එන්නත් තම ජනතාව වෙත ලබාදීමේ කටයුතු ආරම්භ කරනු ඇති අතර, ලබන වසර අවසාන වීමට පෙර හෝ මෙම එන්නත ලොව සෙසු  දිළිඳු රටවල් වෙතද ලබාගැනීමට අවස්තාවක් සකස්කර දීම ලෝක සෞඛ්‍ය සංවිධානය හමුවේ ඇති  ප්‍රධානතම වගකීම හා අභියෝගය වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වාදේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්