නවතම පුවත්

කොරෝනා එන්නත් ගැන විපක්‍ෂය නගන චෝදනා අසත්‍යය බව චීන තානාපති කාර්යාලය තහවුරු කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනය, තම සයිනොෆාම් එන්නන,  වෙනත්  රටවලට අලෙවි කරන මිලට වඩා වැඩි මිලකට ශ්‍රී ලංකාව වෙත ලබාදී ඇති බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එරට තානාපති කාර්යාලය තහවුරු කර ඇත .

ඒ අනුව සයිනොෆාම් එන්නතේ එක් මාත්‍රාවක් සදහා අමෙරිකානු ඩොලර් 5 ක් වැඩියෙන් රජය ගෙවන බවට, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා නගන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .

රජය ක්‍රියාත්මක කර ඇති එන්නත් වැඩපිලිවෙල පිලිබඳ විපක්‍ෂයේ ඇති ඊර්ෂ්‍යාව හා කුහකකම මෙවැනි ප්‍රකාශ වලින්  පහද්ලිවන බවද ඒ මහතා පැවසීය .

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .

” විපක්ෂය නගන චෝදනා ගැන මම චීන තානාපති කාර්යාලයෙන්ද විමසා බැලුව . විපක්ෂයේ චෝදනා සම්පූණයෙන්ම අසත්‍ය බවත් , ශ්‍රී ලංකාවට ලබාදෙන මිලට වඩා අඩු මිලකට තම රට වෙනත් කිසිදු රටකට එන්නත් අලෙවි කර නැති බවත් චීන  බලධාරීන් තහවුරු කළා . ඒ පිළිබඳව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැහැදිලිවම කරුණු දක්වා තිබෙනවා . ඇත්තෙන්ම චීනය මෙම සයිනොෆාම් එන්නත අපට ලබාදෙන්නේ , එය චීනය තුල අලෙවිකරණ මිලටත් වඩා අඩු  මිලකටයි .”

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්