එළඹෙන පෙබරවාරි මස අවසන්වීමට පෙර , මෙරට මිලියන 11ක පිරිසකට කොරෝනා එන්නත ලබාදීමට කටයුතු යොදන බව කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද දින ප්‍රකාශ කළේ ය.
එන්නත්කරණයට අදාළ පුද්ගලයින්ගෙන් , 50% කට ආසන්න පිරිසකට එය නොමිලේ ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
, දැනට එන්නත් 4 ක් පිළිබඳව අවධානය යොමු වී ඇති බවත් වඩාත්ම සුදුසු එන්නත් මෙරටට ලබාගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය .