නවතම පුවත්

විදුලි බිලට සහනයක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අඛණ්ඩව දින 14 කට වැඩි කාලයක් හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීමට මාස 6 ක සහන කාලයක් ලබා දීමට රජය කටයුතු යොදා ඇත .

ඒ අනුව ගෘහස්ත, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 6ක සහන කාලයක් ලබා දෙනු ඇත.

එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකෙරෙනු ඇති.බවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවසීය .

මීට අමතරව සිනමා ශාලාවල සහ සංචාරක නවාතැන්පොළවල්ව විදුලි බිල් ගෙවීමේදී ද සහන කාලයක් ලබා දී තිබේ.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල 2020 මාර්තු සිට දෙසැම්බර් දක්වා වන විදුලි බිල්පත් බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති අතර එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකෙරෙනු ඇති.

එමෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන්පොළවල්වලට ද මෙම සහනය හිමිවේ.

එකී නවාතැන්පොළවලට අදාළව 2020 මාර්තු 1 සිට 2021 පෙබරවාරි 28 දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන අතර එතෙක් විදුලි සැපයුම විසන්ධි නෙකෙරෙනු ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්