කොරෝනා ගැන අමෙරිකාවට තවත් අනතුරු ඇඟවීමක්

Picture of අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් ලබන පෙබරවාරි මාසය වනවිට අමෙරිකානුවන් මිලියන භාගය ඉක්ම වූ සංඛ්‍යාවක් මියයනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිති හා ඇගයීම් ආයතනයේ පර්යේෂකයින් කණ්ඩායමක් මෙම අධ්‍යයනය සිදු කර ඇත.

මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 29,280 ක් වන අතර .පෙබරවාරි වනවිට එම සංඛ්‍යාව පන් ලක්ෂය ඉක්මවනු ඇතැයි අදාළ පර්යේෂකයින් පෙන්වා දෙ.

එහෙත් මුව ආවරණ පැළඳීම අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් ඉන් මරණ එක් ලක්ෂ තිස් දහසක් වළක්වා ගත හැකි බවද ඔවුන් ප්‍රකාශ කර ඇත .මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් තවමත් ඇමෙරිකාව තුල නිශ්චිත නීති මාලාවක් ක්‍රියාත්මක වන්නේ නැත.

ඇතැම් ප්‍රාන්තවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇතත්, ඇතැම් ප්‍රාන්ත ඒ පිළිබඳ කිසිදු තීන්දුවක් ක්‍රියාත්මක නොකරන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

එම තත්ත්වය උද්ගත වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුව ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය.