නවතම පුවත්

දිස්ත්‍රික් 5ක කොරෝනා – කඩිනම් තීරණයක් ගන්නැයි GMOA කියයි

අසංක

අසංක

කොරෝනා වෛරසය මේ වනවිට ප්‍රධාන ලෙසම මෙරට දිස්ත්‍රික්ක පහක ව්‍යාප්තවෙමින් පවතින බවත් එම දිස්ත්‍රික් මායිම්සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතාම ඉක්මනින් දැඩි තීරණයක් ගතයුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

විශේෂයෙන්ම මෙහිදී අවදානම් සහිත දිස්ත්‍රික්කවලින් අනිත් දිස්ත්‍රික්ක වලට රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය වහා පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී .

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේද පැවසීය

“මේ වෙනකොට වෛරසය ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත වෙලා තියෙන්නෙ දිස්ත්‍රික්ක 5කට. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල. මේ දිස්ත්‍රික්කවලින් අනිත් දිස්ත්‍රික්කවලට රෝගීන් සම්ප්‍රේෂණය වීමේ අවදානම තියෙනවා.

ඒ අනුව විශෙෂයෙන් අවදානම් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් දැන් බැරෑරුම් තීරණයක් ගන්න කියන එක අපි ඊයෙ දවස තුළ ජනාධිපති කාර්යසාධක බලකායටත් යෝජනා කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයටත් යෝජනා කළා. ඒනිසා අපි බලාපොරොත්තු වෙනවා තවත් කල් නොයවා මේ අවදානම රට පුරා ව්‍යාප්ත වෙන එක වළක්වාගන්න මේකෙන්. එහෙම නැත්නම් පෑලියගොඩ වගේ පොකුරු රටපුරා වාර්තා වෙන්නත් පුලුවන් අවදානමක් තියෙනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි