කොරෝනා වෛරසය පිළිබඳව, මුල සිටම අමෙරිකාවෙන් කිසිවක් සැඟවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු නොකළ බව එම සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් අදනම් මහතා Tedros Adhanom ප්‍රකාශ කර සිටි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනයට පක්ෂපාති වෙමින් තමන් ගෙන් කරුණු සැඟවූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් විසින් එල්ල කළ චෝදනාවන් පදනම් විරහිත බවද අදනම් මහතා සඳහන් කර ඇත.
මෙම වසංගත තත්වයේ ආරම්භයේ සිටම ඇමරිකාව වෙත නිවැරදිව තොරතුරු ලබාදීමට තම සංවිධානය කටයුතු කල බවද දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් අදනම් මහතා සඳහන් කර ඇත.
ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානයේ (CDC) සේවකයින් 15 දෙනෙක් පමණ ඉකුත් ජනවාරි මාසයේ සිට සිය සංවිධානයට අනියුක්ත කර ඇති බව පැවසූ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම නිලධාරින්ට අමතරව තවත් අමෙරිකානු නිලධාරින් දෙදෙනෙක් දීර්ඝ කාලීනව සිය සංවිධානයට අනියුක්තව සේවය කරන බව මෙහිදී සඳහන් කර සිටියේය