නවතම පුවත්

කොරෝනා නිසා සෞදියේ ලාංකිකයන් 135000ක් අමාරුවේ

අසංක

අසංක

කොරෝනා වසංගත හේතුවෙන් සෞදි අරාබිය තුල අපහසුතාවයට පත්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව සොයා බැලීම සඳහා එරට රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කර ඇත.

එරට මේවන විට සිටින 135,000 කට අධික ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සිටින බවද එරට වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා අප වෙබ් අඩවියට පැවසීය.

එහි පළමු අදියර යටතේ එරට පවතින මෙම වසංගත තත්ත්වය හමුවේ රැකියා අහිමිවූවන් , පොරොන්දු වූ වැටුප් වලින් අඩක් හිමිවූ ලාංකික ශ්‍රමිකයින්ගේ තොරතුරු රැස් කිරීම කටයුතු දුරකතන මාර්ගයෙන් සිදු කෙරෙමින් පවතින බවද වැඩබලන තානාපතිවරයා කීය.

ඒ සඳහා රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක 00966591967312 යන දුරකථන අංකයට හෝ 00966591905178 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි වැඩබලන තානාපතිවරයා එම ශ්‍රමිකයින් ගෙන් හෝ ඔවුන්‍ගේ පවුලේ ඥාතීන් ගෙන් ඉල්ලා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්